spot_img
spot_img

අපේක්ෂකයින්ගේ වියදම් වාර්තා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය අද

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට මැතිවරණ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා දීම සඳහා දී තිබූ කාලය, අදින් අවසන් වේ.
මේ වන විට වියදම් වාර්තා දී ඇත්තේ අපේක්ෂකයින් 20 දෙනෙකු පමණක් බව මැතිවරණ කොමිසම සඳහන් කළේ ය.

මැතිවරණ නීතියට අනුව ජනාධිපතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත්කර, දින 21 ක් ඇතුළත ආදායම් – වියදම් වාර්තා ලබා දිය යුතු වේ.

ඒ අනුව එම වාර්තා ලබාදුන් පිරිස අතරට ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා, ආචාර්ය විජයදාස රාජපක්ෂ, ජනක රත්නායක ඇතුලු අපේක්ෂකයින් 20 දෙනෙකු ඇතුළත් ය.

එම වාර්තා භාරදිය යුත්තේ, පිළිගත් දේශපාලන පක්ෂය හෝ, වෙනත් දේශපාලන පක්ෂය හෝ අපේක්ෂකයා නම් කළ ඡන්ද හිමියා විසිනි.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයින් සංඛ්‍යාව, 38 කි.

ඒ අනුව අද දිනය තුළ ප්‍රචාරක ආදායම් සහ වියදම් වාර්තා ඉදිරිපත් කරන්නැයි මැතිවරණ කොමිසම, ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට දැනුම් දේ.

එම වාර්තා ඉදිරිපත් නොකරන අපේක්ෂකයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද, කොමිසම සඳහන් කළේ ය.

එහිදී අදාළ අපේක්ෂකයා අධිකරණය හමුවේ වරදකරුවෙකු වුවහොත්, ඔහුගේ ඡන්ද අයිතිය සහ අසුන අහිමි වනු ඇත.

රුපියල් ලක්ෂයක දඩ මුදලක් එවැනි පුද්ගලයෙකුට නියම කරනු ලබයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...