spot_img
spot_img

ගෙදර ගිය 225හේ වත්කම් ප්‍රකාශ නැවත කැඳවයි

වත්කම් බැරකම් ප්‍රකාශ නැවත භාර දෙන ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දීතිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ම පාර්ලිමේන්තුව විසුරුවා හැර සති දෙකක් ඇතුළත වත්කම් බැරකම් ප්‍රකාශ නැවත බාරදිය යුතු බවට නව දූෂණ විරෝධී පනත් කෙටුම්පතේ පැහැදිලිව සඳහන් වන බවයි කොමිසමේ ප්‍රකාශකයෙක් පවසන්නේ.

මේ අනුව හිටපු මන්ත්‍රීවරුන් වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම දැනටමත් ආරම්භ කර ඇති බවයි වාර්තාවන්නේ.

සාමාන්‍යයෙන් මන්ත්‍රීවරයකු එම ධූරයේ සිටියදී සෑම වර්ෂයකම මාර්තු 31 වැනිදාට පෙර සිය වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට බාරදීම කළ යුතු වනවා.

ඒ අනුව මන්ත්‍රීවරුන් සියලු දෙනා මේ වර්ෂයේ වත්කම් බැරකම් ප්‍රකාශ නියමිත පරිදි මීට කලින් බාරදී අවසන්ව තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...