spot_img
spot_img

අපේක්ෂකයින් 8,388ක් මනාප සටනේ

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සදහා ඡන්දයෙන් මන්ත්‍රිවරු 196 දෙනෙකු සහ ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රිවරු 29 දෙනෙකු තෝරාපත්කර ගැනීමට නියමිතයි.

වැඩිම මන්ත්‍රි සංඛ්‍යාවක් තෝරාපත්කර ගැනීමට නියමිතව ඇත්තේ ඡන්දදායකයින් දහඅට ලක්ෂ 81,129 දෙනෙකු ලියාපදිංචි වී සිටින ගම්පහ දිස්ත්‍රික්කයෙන්.

ඒ අනුව, ගම්පහ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරු 19 දෙනෙකු තෝරාපත් කර ගැනීමට නියමිතයි.

ඡන්දදායකයින් දාහත් ලක්ෂ 65,351 දෙනෙකු ලියාපදිංචි වී ඇති කොළඹ දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරු 18 දෙනෙකුද, දාහතර ලක්ෂ 17,226 දෙනෙකු ලියාපදිංචි වී ඇති කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරු 15 දෙනෙකු තෝරාපත් කර ගනු ඇති.

මහනුවර දිස්ත්‍රිකයෙන් මන්ත්‍රිවරු 12 දෙනෙකුද, කලුතර සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරු 11 දෙනා බැගින්ද තෝරා ගනු ලබනවා.

බදුල්ල, කෑගල්ල, අනුරාධපුර සහ ගාල්ල දිස්ත්‍රික්කවලින් මන්ත්‍රිවරුන් 09 දෙනෙකු බැගින් තෝරා ගැනෙන අතර මාතර, හම්බන්තොට සහ දිගාමඩුල්ලෙන් මන්ත්‍රිවරු 07 දෙනා බැගින් තෝරා ගැනීමට නියමිතයි.

එමෙන්ම, පුත්තලමෙන් මන්ත්‍රිවරු 08 දෙනෙකුද, යාපනය, වන්නි සහ මොණරාගල දිස්ත්‍රික්කවලින් මන්ත්‍රිවරු 06 දෙනෙකු බැගින්ද, මාතලේ, නුවරඑළිය, පොළොන්නරුව සහ මඩකලපුවෙන් මන්ත්‍රිවරු 05 දෙනා බැගින් තෝරා ගනු ලබනවා.

ඊට අමතරව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් මන්ත්‍රිවරු 04 දෙනෙකු තෝරාපත්කර ගැනීමට නියමිතයි.

මේ අතර මෙවර මන්ත්‍රී ආසන 196 ක් සදහා 8,388 දෙනෙකු තරඟ වදින අතර, වැඩිම සංඛ්‍යාවක් ඉදිරිපත් වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්, එම සංඛ්‍යාව 996ක්.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...