spot_img
spot_img

හරිනිගේ සහ අමාත්‍යවරුන්ගේ ෆොටෝ පළකිරීම ගැන දැනුම්දීමක්

රාජ්‍ය ආයතන මගින් සංවිධාන කරන විවිධ උත්සව සහ වැඩසටහන් සදහා අග්‍රාමාත්‍යවරිය ආචාර්ය හරිනි අමරසූරියගේ සහ අමාත්‍යවරුන්ගේ ඡායාරූප සහ පණිවිඩ යොදා ගන්නේනම් ඒ සදහා පූර්ව අවසරයක් ලබා ගත යුතු බව අග්‍රාමාත්‍ය කාර්යාලය දැනුම්දී තිබෙනවා.

ඒ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රි මහතා විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත ලිපි යොමු කරමින්.

අග්‍රාමාත්‍ය කාර්යාලය සදහන් කළේ, ස්මාරක, සමරුඵලක, සමරු කලාප මෙන්ම, විද්‍යුත් සහ මුද්‍රිත ප්‍රකාශ සදහා මෙය වලංගු බවයි.

රජයේ ප්‍රතිපත්තීන්ට හා ඉදිරි දැක්මට අනුකුල වීම සඳහා ප්‍රශස්තව රාජ්‍ය මූල්‍ය පරිහරණය කිරීම වෙනුවෙන් එම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව අග්‍රාමාත්‍යවරියගේ ඡායාරූප සහ පණිවුඩ යොදා ගැනීමේදී අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබාගත යුතුයි.

එමෙන්ම අමාත්‍යවරුන් වෙනුවෙන් අදාළ අමාත්‍යාංශයෙන් අවසර ගත යුතු බව, අග්‍රාමාත්‍ය ලේකම්වරයා දැනුම් දෙනවා.

ඊට අදාළ උපදෙස් අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රිගේ අත්සන සහිතව අදාළ අංශ වෙත යොමු කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...