spot_img
spot_img

සුඛෝපභෝගී මෝටර් රථයක් රාජසන්තක කෙරේ

අල්ලස් කොමිසම භාරයට ගනු ලැබූ සුඛෝපභෝගී මෝටර් රථයක් රාජසන්තක කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලූ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.

රේගුවට ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරමින් රජයට රුපියල් කෝටි පහමාරකට අධික බදු මුදලක් වංචා කරමින් මෙම මෝටර් රථය ආනයනය කර තිබූ බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

බදුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු සතුව තිබූ මිට්ෂුබිෂී (Mitsubishi) වර්ගයේ මොන්ටේරෝ ජීප් රථයක් මෙලෙස රාජසන්තක කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...