රජයේ වාහන අවභාවිත කිරීම් පිළිබඳ තොරතුරු දන්නේ නම් ශ්‍රී ලංකා පොලීසියේ 1997 විශේෂ දුරකථන අංකයට දැනුම්දෙන ලෙසට පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
නිවේදනයක් නිකුත් කරමින් පොලීසිය මේ බව සඳහන් කළා.
පොලීසිය පවසන්නේ, රජය විසින් විවිධ කාර්යයන් සඳහා නිකුත් කරන ලද වාහන යම් ස්ථානයක වංචා සහගත ලෙස හෝ නීතිවිරෝධීව සඟවා තිබෙන බවට හෝ යම්කිසි ආකාරයකට කොටස් කර සඟවා තබා තිබෙන බවට යම් තොරතුරක් දන්නේ නම් වහාම දැනුම්දෙන ලෙසයි.
එමෙන්ම යම් යම් ස්ථානවල නවතා තබා අබලන්වීමට ඉඩහැර තිබෙන බවට තොරතුරක් දන්නේ නම් දැනුම්දෙන ලෙසද පොලීසිය පවසනවා.
මෙම දුරකථන අංකය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක බවද දැනුම්දෙනවා.
තොරතුරු ලබා දෙන්නන්ගේ අනන්‍යතාවය සම්පූර්ණයෙන්ම ආරක්ෂා කරන බවත් තොරතුරු සපයන්නන්ගේ අනන්‍යතාවය හෙළිකිරීම අත්‍යවශ්‍ය නොවන බවයි පොලීසිය පවසන්නේ.
නමුත් සත්‍ය තොරතුරු පමණක් ලබාදිය යුතු අතර අසත්‍ය තොරතුරු ලබා දෙන්නන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කරන බවද පොලීසිය අවධාරණය කරනවා.




