කුරුනෑගල දඹදෙණිය ආසනයේ එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායක කටයුතු සම්බන්ධීකරණ කටයුතු සදහා දැනට කටුගම්පල ආසනයේ කලාප සංවිධායක ධූරය හොබවන අසංග පෙරේරා මහතාව නායකත්වය විසින් පත්කර තිබෙනවා.
හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත ගාමිණී ජයවික්‍රම මහතාගේ වැඩි මහල් පුත්‍රයා වූ අසංග ජයවික්‍රම පෙරේරා මහතා පියාගේ අඩිපාරේ යමින් නිකැළැල් දේශපාලනයේ යෙදී සිටිනවා.
ගැමි ජනතාව නගාසිටුවීමේ අරමුණින් සුබසාධන වැඩ කටයුතු රාශියක නියැලී සිටින ඒ මහතා හට තවත් තනතුරක් මෙලෙස ලබා දී ඇත්තේ එතුමන්ගේ සාර්ථකත්වය නිසාම බවටයි එක්සත්ජාතික පක්ෂ ඉහල නායකත්ව මණ්ඩලය සදහන් කර තිබුණේ.
ඒ අනුව මින් ඉදිරියට දඹදෙණිය ආසනයේ කලාප සංවිධායක කටයුතු සදහා සම්බන්ධීකරණ කටයුතු අසංග පෙරේරා මහතා විසින් සිදුකෙරෙනු ඇති.




