spot_img
spot_img

ජොන්ස්ටන්ට විදෙස් ගමන් තහනමක්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට විදේශ ගමන් තහනමක් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කර තිබෙනවා.

ලියාපදිංචි නොකළ BMW කාර් රථයක් භාවිතා කළ බවට සිදු කරන විමර්ශන​යකට අදාළව මෙම නියෝගය නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ.

ජර්මනියේ නිෂ්පාදිත රථය එංගලන්තයට යවන බව පවසා මෙරටට ගෙන්වා ඇති අතර ලියාපදිංචි නොකර අංක තහඩුවක් භාවිතා කරමින් රථය මාර්ගයේ ගමන් කර ඇති බව කියමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ කරුණු දැක්වීමෙන් අනතුරුව කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මේ නියෝගය සිදු කර තිබෙනවා.

මෙතෙක් කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, මෙම රථය සර්විස් කිරීම සදහා ගරාජ් අංකයක් භාවිත කරන බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නැති බවයි.

මෙම කාර් රථය මෙරටට ගෙන්වූයේ කව්ද, කවදාද, භාවිතා ක​ලේ කවුද යන්න සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් කරන බවයි රහස් පොලිසිය අධිකරණයට දන්වා ඇත්තේ.

කොටස් හිල්ටන් හෝටලයේ රථ ගාලේ සැක කටයුතු ලෙස නවතා තිබෙන බවට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...