spot_img
spot_img

තැපැල් ඡන්ද අයදුම්පත් කැඳවීම අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමට නියමිතව තිබේ.

ඒ අනුව මැතිවරණ රාජකාරීවලින් නිදහස් කර ඇති අය හැර රාජ්‍ය සේවයේ හා පළාත් රාජ්‍ය සේවයේ අනෙකුත් සියලුම නිලධාරින් තැපැල් ඡන්ද ඉල්ලුම් කළ යුතු අතර, තැපැල් ඡන්ද අයදුම් කර නොතිබීම මෙන්ම අඩුපාඩු සහිතව ඉදිරිපත් කරන ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කර තිබීම ද මැතිවරණ රාජකාරීවලින් නිදහස් කිරීමට හේතුවක් නොවන බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

මේ අතර එළැඹෙන මහමැතිවරණයට අදාළව ස්වාධීන කණ්ඩායම් සඳහා ඇප මුදල් තැන්පත් කිරීමේ කටයුතු අද මධ්‍යහන 12න් අවසන් වීමට තිබේ.

පිළිගත් දේශපාලන පක්ෂ හැර සියලු ස්වාධීන කණ්ඩායම් මහ මැතිවරණය සඳහා ඇප මුදල් තැන්පත් කළ යුතු වේ.

ඒ අනුව ඊයේ (09) දිනය දක්වා ස්වාධීන කණ්ඩායම් 293ක් ඇප මුදල් තැම්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ දක්වා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් ඇප මුදල් තැන්පත් කර ඇති අතර එම සංඛ්‍යාව 42කි.

මේ අතර දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 88ක් එළැඹෙන මහමැතිවරණය වෙනුවෙන් නාමයෝජනා භාර දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

දේශපාලන පක්ෂ 46ක් සහ ස්වාධීන කණ්ඩායම් 42ක් මෙලෙස නාමයෝජනා භාර දී ඇති බව සඳහන්ය.

මේ අතර හෙට (11) මධ්‍යහන 12 දක්වා දිවයින පුරා පිහිටි දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල දී නාමයෝජනා පත්‍ර භාරදීමට හැකියාව පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේය.

ඉන් අනතුරුව පැය එකහමාරක කාලයක් විරෝධතා ගොනුකිරීම සඳහා අවස්ථාව සලසා දී තිබේ.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...