Friday, June 5, 2026
spot_img
spot_img

ශ්‍රී ලාංකීකයින් 06 දෙනෙකු කැනඩාවේදී ඝාතනය කෙරේ

කැනඩාවේ Ottawa හී නිවසක පදිංචිව සිටි ශ්‍රී ලාංකීක එකම පවුලේ මව, දරුවන් සිව්දෙනෙකු සහ සමීපතමයෙකු ඝාතනයට ලක්ව තිබෙනවා.

අදාළ ඝාතනය සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ එම නිවසේම පදිංචිව සිටී 19 හැවිරිදි ෆෙබ්‍රියෝ ද සොයිසා නැමති ශ්‍රි ලාංකික ශිෂ්‍යයෙක්.

ප්‍රහාරයෙන් එම පවුලේ මව, දරුවන් සිව්දෙනා ඇතුළු තවත් අයෙකු මියගොස් ඇති අතර, පියා බරපතළ තුවාල සහිතව රෝහලේ ගත කර ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මියගිය පිරිස අතර 35 හැවිරිදි දර්ශනී දිලන්තිකා ඒකනායක සහ ඇයගේ දරුවන් සිව්දෙනා වන 7 හැවිරිදි ඉනුකා වික්‍රමසිංහ, 4 හැවිරිදි අශ්විනි වික්‍රමසිංහ, 2 හැවිරිදි රින්යානා වික්‍රමසිංහ, මාස දෙකක් වයසැති කෙලී වික්‍රමසිංහ නැමති ළඳරුවෙකු සහ එම නිවසේම පදිංචිව සිටී 40 හැවිරිදි ගාමිණී අමරකෝන් නැමැත්තෙක්වනවා.

ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රි ලාංකික ශිෂ්‍යයාට මේ වන විටත් 6 පුද්ගල ඝාතනයකට හා ඝාතනයට තැත් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී කර ඇති බවයි වාර්තාවන්නේ.

කෙසේ වෙතත් මෙම ඝාතන සිදුකිරීමට හේතුව කුමක්ද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...