spot_img
spot_img

නිලන්ත ජයවර්ධනට එරෙහි පෙත්සමක් කල් ගිහින්

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් නොවැම්බර් මස 13 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (09) නියම කළා.

පාස්කු ඉරුදින එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව මෙම පෙත්සම ගොනුකර තිබුණා.

සමාජ හා සාමයික කේන්ද්‍රය විසින් ගොනුකළ මෙම පෙත්සම අද සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී නිලන්ත ජයවර්ධන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ චන්දක ජයසුන්දර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරනු ලැබූ නියෝගයට අනුව පොලිස් කොමිසම විසින් තම සේවාදායකයාට එරෙහිව නව විමර්ශනයක් ආරම්භ කර ඇති බැවින් මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාමට අවශ්‍ය නොවන බව පෙන්වා දුන්නා.

ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් කරුණු තහවුරු කරනවාද ? එසේ නැත්නම් ඉල්ලා අස්කර ගන්නේද ? යන්න සලකා බැලීම සඳහා නොවැම්බර් 13 වනදා කැඳවන ලෙස අධිකරණය නියෝග කළා.

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...