spot_img
spot_img

අන්තර්ජාල මූල්‍ය වංචාවල වැඩිවීමක්

අන්තර්ජාලය ඔස්සේ සිදුකරන මූල්‍ය අක්‍රමිකා සම්බන්ධයෙන් පැමිණිලිවල ඉහළ යාමක් වාර්තාවන බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.

එහි ජ්‍යේෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු චරුක දමුණුපොල මහතා සඳහන් කළේ, වසරේ ගතවූ කාලසීමාව තුළ මූල්‍ය චංචා පිළිබඳ පැමිණිලි 340කට අධික සංඛ්‍යාවක් ලැබී ඇති බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් :

“සැප්තැම්බර් මාසය වනවිට අන්තර්ජාල සම්බන්ධයෙන් පැමිණිලි 7,210ක් වාර්තා වෙලා තියෙනවා. මේ අතරින් වැඩි ප්‍රමාණයක් සමාජ මාධ්‍ය සම්බන්ධ සිදුවීම්. ඍජුවම අන්තර්ජාල සිදුවීම් ගත්තහම 20%ක් වැනි ප්‍රමාණයක් අන්තර්ජාල වංචාවලට හසුවූ පුද්ගලයින්ගෙන් ලැබුණු පැමිණිලි. මේ අතරින් කැපී පෙනෙන වර්ධනයක් දක්නට ලැබෙන්නේ අන්තර්ජාලය ඔස්සේ බැංකුකරණයේ යෙදෙන පරිශීලකයින් ඉලක්ක කරගනිමින් සිදුවන අන්තර්ජාල වංචා. බොහෝ වෙලාවට අන්තර්ජාලය ඔස්සේ බැංකුකරණයේ යෙදෙන පරිශීලකයින් බැංකු ගිණුමට පිවිසෙන මුරපදය, තාවකාලික මුරපදය වන OTP අංකයෙහි ආරක්ෂිතභාවය ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වීම. පසුගිය කාලය තුළ අන්තර්ජාල බැංකුකරණය සම්බන්ධයෙන් සිදුවූ වංචාවලට සම්බන්ධ පැමිණිලි 340 ගණනක් වාර්තා වෙලා තියෙනවා. මෙහිදී තමන්ගේ බැංකුකරණයට අදාළ වෙබ් අඩවිය හරියට හඳුනා නොගැනීම නිසා තමා බොහෝවිට මෙම වංචාවන්ට හසුවෙලා තියෙන්නේ.”

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...