spot_img
spot_img

පාස්කු කොමිෂන් වාර්තාවට මොකද වුණේ?

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට මැදිහත් වූ සහ මෙහෙයවූ පුද්ගලයින් ට එරෙහිව අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මක කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

අද (08) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු ඒ බව සඳහන් කළා.

ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා :

“පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන්න විශේෂ මැදිහත්වීමක් අපි ආරම්භ කරලා තියෙනවා. ඒ සඳහා වෙච්ච පරික්ෂණ හරහා මේ වාර්තා නැති වුණේ කොහොමද ඒවයේ පිටු ගැලවුණේ කොහොමද කියන අපි හොයා බලනවා. ජනාධිපතිවරයා වෙත බාර දීපු වාර්තාවේ හිටපු නීති අධ්‍යක්ෂවරයා මැදිහත්වෙලා තමයි මේ කටයුතු පිළිබඳව උපදෙස් ලබාදීලා තිබුණේ. ඒ නිසා ඒ වාර්තාවේ යම් කොටස් අඩු වුණේ කොහොමද ? බාර දුන්න ඒවයේ තිබුණද ? ඊට පස්සේ මොකද වුණේ ? ඒ සියල්ල මේ පරික්ෂණ කණ්ඩායම පරික්ෂණ කටයුතු කරනවා. ඒ නිසා ඒ පිළිබඳව කිසිදු අසාධාරණයක් මේ රටේ ජනතාවට වෙන්න ඉඩ තියන්නේ නැහැ. ඒකට යම් කාලයක් යනවා යම් ක්‍රමවේදයක් තියෙනවා ඒ ක්‍රමවේදයට අනුව අපි ඒ පත්කිරීම් සිදුකරලා තියෙනවා. පරික්ෂණ ආරම්භ කරලා තියෙනවා. ඒ පරික්ෂණ අනුව ජනාධිපතිවරයාට බාරදීපු වාර්තාවේ පිටු ගැලවුණාද පිටු හැලුණද මොකක්ද වුණේ අපි අනිවාර්යෙන්ම පරීක්ෂණ කරලා ඒ පිළිබඳව යථා කාලයේදී ජනතාව දැනුම්වත් කරනවා. ඉතිහාසයේ වුණ වැරදි මේ පාලන කාලය තුළ කිසිසේත්ම වෙන්නේ නැහැ. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපි ඉතා දැඩි තීරණයක ඉන්නවා අනිවාර්යෙන් ඒ පිළිබඳ මැදිහත් වුණ, මෙහෙයවපු අයට අනිවාර්යෙන්ම නීතිය ක්‍රියාත්මකරනවා. කිසිදු ආකාරයකින් පසුගිය ආණ්ඩු කළා වගේ ඒවා යට ගහන්න. ඒවා අතුරදන් කරන්න අපි කටයුතු කරන්නේ නැහැ. ඒ විශ්වාසය ජනතාවට අපි ලබාදෙනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

රඛිත, චරිත්, අරුණ තිදෙනාටම ඇප

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත...

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිරදඬුවමක්

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට බදුල්ල මහාධිකරණය විසින් වසර එකහමාරක...

පාතාල තර්ජන මැද නටන දෙවුන්දර කාවඩි – අද පෙරහැරට පොලීසියෙන් දැඩි ආරක්ෂාවක්

දෙවිනුවර ඓතිහාසික ශ්‍රී උත්පලපණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික...