Sunday, April 19, 2026
spot_img
spot_img

පොහොර සහනාධාර මුදල් ගැන දැනුම්දීමක්

ලබන සතියේ පොහොර සහනාධාර මුදල් ගොවීන්ගේ බැංකු ගිණුම්වලට යොමු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ මහතා සඳහන් කළේ, හෙක්ටයාර් 1ක් සඳහා රුපියල් 15,000 බැගින් ලබාදෙන බවයි.

එම සහනාධාරය වී වගාව සඳහා මඩ පොහොර මිලදී ගැනීම වෙනුවෙන් භාවිත කළ හැකි බවයි ලේකම්වරයා පවසන්නේ.

මේ අතර ධීවරයින්ට හිමි ඉන්ධන සහනාධාරය ලබාදීම සඳහා අවශ්‍ය තොරතුරු මේ වනවිට එක් රැස් කරමින් සිටින බව ලේකම්වරයා ප්‍රකාශ කළා.

ඔහු සඳහන් කළේ, භූමිතෙල් ලීටරයක් සඳහා රුපියල් 25ක සහනාධාරයක් සහ ඩිසල් ලීටරයක් සඳහා රුපියල් 25ක සහනාධාරයක් ලබාදෙන බවයි.

ධීවරයින්ගේ තොරතුරු රැස්කිරීමෙන් පසුව එම සහනාධාර මුදල් ඉතා ඉක්මනින් ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසනවා.

මේ අතර ලබන 15 වැනි දා සිට මහ කන්නයේ වගා කටයුතු සඳහා ජලය මුදා හැරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...