Thursday, May 7, 2026
spot_img
spot_img

ඉදිරිපත් කළ පැමිණිල්ලට අදාළව සති 2ක් තුළ කැඳවීමක් නැත්නම් වැඩබලන පොලිස්පතිට කියන්න

පොලිසිය වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ඉදිරි සති දෙක ඇතුළත කැඳවීමක් නොලැබුණේ නම්, ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාට පැමිණිලි කරන ලෙස පොලිසිය දැනුම් දෙයි.
www.telligp.police.lk යන වෙබ් පිටුවට පිවිස එම පැමිණිල්ල ඉදිරිපත් කළ හැකියි.

පොලිස් ස්ථානවලට වාර්තාවී ඇති මෙතෙක් විභාග නොකළ සහ විභාග කර අවසන් නැති විවිධ පැමිණිලි සති 2ක් තුළ විභාග කර අවසන් කරන්නැයි වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා නියෝග කළේ ය.

පළාත්භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් ඇතුළු ඉහළ නිලධාරින්ට වැඩබලන පොලිස්පතිවරයා දැනුම් දෙන්නේ ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර ක්‍රියාත්මක කරන ලෙසයි.

පොලිස් ස්ථානවලට වාර්තාවී ඇති විවිධ පැමිණිලි විශාල සංඛ්‍යාවක් විභාග නොකර සහ විභාග අවසන් අවසන් කර නොමැති බවට තොරතුරු අනාවරණයවී ඇතැයි වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ නියෝගයේ සඳහන් ය.

ඒ හේතුවෙන් සුළු සිද්ධියක් වශයෙන් වාර්තා වන විවිධ පැමිණිල්ලක් වඩා බරපතල අපරාධයක් බවට පත්වීම, පොලිසිය කෙරෙහි මහජනයාගේ විශ්වාසනීයත්වය පළුදුවීම වැනි අගතිදායක තත්වයන් ඇති විය හැකි බව ද එම නියෝගයේ දැක්වෙයි.

වැඩබලන පොලිස්පති නිතිඥ ප්‍රියන්ත වීරසුරිය මහතා වැඩිදුරටත් නියෝග කර ඇත්තේ, මින් ඉදිරියට පොලිස් ස්ථානවලට වාර්තාවන විවිධ පැමිණිලි වාර්තාවූ දිනයේම විභාග ආරම්භ කිරිමටත් පැය 48ක් ඇතුළත විභාග අවසන් කිරිමටත් පොලිස් ස්ථානාධිපතිවරුන් පියවර ගත යුතු බවයි.

මෙම උපදෙස් අනුව ක්‍රියාකරන්නේ ද යන්න සම්බන්ධයෙන් අදාළ රාජ්‍ය නිවේදිත නිලධාරින් විසින් පරික්ෂා කර ඊට පටහැනිව ක්‍රියා කරනු ලබන ස්ථානාධිපතිවරුන් සම්බන්ධයෙන් තමන් වෙත වාර්තා කළ යුතු බව ද වැඩබලන පොලිස්පතිවරයා නිකුත් කළ නියෝගයේ වැඩිදුරටත් සඳහන් ය.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...