spot_img
spot_img

වසරක් තුළ ලක්ෂයකට ආසන්න පිරිසක් කෘෂි රැකියාවලින් ඉවතට

වසරක කාලයක් තුළ මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියාවලින් පුද්ගලයින් ලක්ෂයකට අධික ප්‍රමාණයක් ඉවත්ව ගොස් ඇති බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ මහතා පවසනවා.

ඔහු පැවසුවේ, ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවකට අනුව මේ බව තහවුරු වන බවයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ, මෙරට කෘෂිකාර්මික අංශය තුළ පවත්නා විවිධ ගැටළු හේතුවෙන් පුද්ගලයින් කෘෂිකාර්මික රැකියාවලින් ඉවත් වන බවත් රටට අවශ්‍ය කෘෂිකාර්මික නිෂ්පාදනයන් නිපදවීමද පහළ යාමක් දක්නට ලැබෙන බවයි.

මෙම තත්ත්වය දිගින් දිගටම පැවතියහොත් මෙරට ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වනු ඇතැයි ද ඔහු පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ,

“පසුගිය වසරක පමණ කාලය තුළ කෘෂි අංශයේ රැකියාවලින් 147,989 පමණ ඉවත් වෙලා තියනවා.

කෘෂි අංශයේ සේවා නියුක්ත පිරිස 2023 පළවෙනි කාර්තුව වනවිට 2,187,563 පමණ හිටියා. ඒක 2024 පළවෙනි කාර්තුව වෙනකොට 2,139,574 දක්වා පහළ යාමක් පෙන්නුම් කරනවා.

2023 පළවෙනි කාර්තුව වනවිට සමස්ත සේවා නියුක්තියෙන් කෘෂි අංශයේ සේවා නියුක්තිය 26.7%ක් තිබුණේ. නමුත් 2024 පළමුවැනි කාර්තුව වනවිට එය 25.8% පහළ යාමක් පෙන්නුම් කරනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...