ප්‍රවෘත්ති වාර්තා පළවුනා රුවන් විජයවර්ධන මේ පාර ඡන්දයට ඉදිරිපත් වෙන්නෑ කියලා තීරණය කරලා තියනවා කියල. රුවන් එහෙම ඇත්තටම තීරණය කරලා තියනවා නම් හොදයි. ගම්පහින් සිලින්ඩෙරන් ප්‍රසන්න රණතුංග කියලා කෙනෙක්ව පාර්ලිමේන්තු එවන්න බොරුවට රුවන් විජයර්ධනලා සල්ලියි කාලයයි ශ්‍රමයයි කැපකරෙගන මහන්සි වෙන්න ඕනිද. තේරුමක් නෑනේ. හැබැයි ඒත් ඉතිං අපරාදේ.
ඇයි දන්නවද අපරාදේ කියන්නේ. ලංකාවේ දේශපාලනය ඇතුලේ රුවන් විජයවර්ධනලා ඉන්න ඕනි. ඒ වෙනම කොලිටියක මිනිස්සු. රුවන් කිව්වම ලංකාවේ ගොඩක් මිනිස්සු දන්නෑ තමයි. රුවන් කියන්නේ හරින් මනුෂලා වගේ හෙන ඇක්ටිව් දේශපාලකයෙක් නෙමයි. ටිකක් කමිමැලි backend එකේ දේශපාලකෙයක්. හැබැයි ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය ඇතුලේ වෙනම ලෙවෙල් එකක මිනිස්සු. රුවන් ගැන තේරුම් ගන්න එක උදාහරණයක් කියන්නද. අර ජනාධිපති කාර්ය්‍යාලේ වාහන ගත්ත එකසිය ගානක ලිස්ට් එකක් එලියට ආවනේ. රුවන්ගේ නම එතන නෑනේ හැබැයි රුවනුත් ජනාධිපති උපදේශකයෙක්.
වාහනයක් නොගත්ත එක මාර එකක් නම් නෙමයි. ඒත් කොල්ලයි බල්ලයි හැම එකාම වාහන ගනිද්දි ඒකත් නොගෙන ඉන්නවා කියන්නේ වෙනම ලෙවෙල් එකක්. ඒකයි මං කියන්නේ අනුරලා කියනවා වගේම V8 ලොකු නැති මිනිස්සු මේ. එහෙම මානිස්සු පිට පිට පාර්ලිමේන්තුවෙන් එලියේ ඉන්න එක අපරාදේ. වෙන කවුරුත් නිසා නෙමයි රනිල් නිසා රුවන්ලා දේශපාලනෙයන් එලියට විසිවෙනවා. පාර්ලිමේන්තු වාර දෙකකදිම එලියේ ඉන්නවා කියන්නේ අපරාදේ.
හැමෝම හිතන්නේ රනිල් එජාපය අල්ලන් ඉන්නේ රුවන් විජයවර්ධනට මේක දෙනකම් කියලා. අන්තිමට බලද්දි රනිල් ඒක අල්ලන් ඉන්නේ රනිල් වෙනුවෙන්මයි. රනිලුයි වජිරයි සාගලයි වෙනුවෙන් අපරාදේ රුවන්ලා අකිලලා මේපාරත් බිල්ලට යනවා. ගෑස් ටැංකියෙන් UNP කාරයෝ ඡන්දේ ඉල්ලා මහන්සි වලෙ වියදම් කරලා දිස්ත්‍රික්කේ පොහොට්ටුවේ එකෙක් පාර්ලිමේන්තු එවනවා. අපි, තාමත් රනිල්ව වන්දනා කරන UNP කාරයන්ගෙන් අහන්නේ තාමත් මේක උඹලට ඇති නැද්ද. රුවනුත් බිලි දුන්නට පස්සේ රනිල්ට තව මොනවද බිල්ලට දෙන්න තියෙන්නේ
රනිල් අන්තිමට රුවන්වත් බිල්ලට දුන්නා (Political Gossip)
Comments




