spot_img
spot_img

වෙළෙඳපොළේ පොල්තෙල් ගැන PHIලගෙන් පැහැදිලි කිරීමක්

ආනයනික පොල්තෙල් සම්බන්ධයෙන් පාරිභෝගීකයින් අනවශ්‍ය බියක් ඇතිකර ගතයුතු නොමැති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

ආනයනික පොල්තෙල් සම්බන්ධයෙන් මේ වනවිට සමාජය තුළ ඇතිවී තිබෙන සැකය පිළිබඳව අදහස් දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා මේ බව පැවසුවා.

ඒ පිළිබඳ ඔහු වැඩිදුරටත් දැක්වූ අදහස් :

“ලංකාවට පොල් තෙල් ආනයන කිරීමේදී රේගුවේදී ආහාර පාලන ඒකකයේ ආහාර පරික්ෂකවරුන් විසින් විශේෂ පරික්ෂාවක් කරනවා. රට තුළට ආනයන කරන RBD ඔයිල් සාමන්‍ය පොල්තෙල් විදිහට අලෙවි කිරීමේ හැකියාව තියෙනවා. පොල්තෙල්වලට අදාළව 1980 අංක 26 දරණ ආහාර පනතට අදාළව සකස්කරලා තියෙන 1987 ප්‍රමිති නියෝගවලට අදාළ ප්‍රමිතියෙන් යුත්තනම් රට තුළ විකිණීමට කිසිදු නෛතිකමය බාධාවක් නැහැ. ඒ වගේම ලංකාව තුළට පොල්තෙල් රැගෙන ඒමේදී ආහාර පාලය ඒකකයේ ආහාර පරික්ෂකවරුන් වගේම මේ පොල්තෙල්වල ප්‍රමිතිය සම්බන්ධව අහඹු පරික්ෂණයක් ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ නිලධාරීන් විසින් සිදුකරනවා.”

“ඒ වගේම රට තුළ වෙළෙඳසැල්වල පොල්තෙල් අලෙවි කිරීමේදී මේ පොල්තෙල් අහඹු සාම්පල ලබා ගැනීම සහ පරික්ෂා කිරීම් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් සිදුකරනවා. ඇතැම් විට රට තුළ තිබෙන පොල්තෙල් දේශීය නිෂ්පාදන සහ විදේශීය නිෂ්පාදන දෙකේම අපි ඇතැම් අවස්ථාවල ඇෆ්ලටොක්සීන් හමුවෙන අවස්ථා තියෙනවා. ඒ අවස්ථාවලදී අපි නෛතික ක්‍රියාමාර්ග ගන්නවා. ඒ පොල්තෙල් වෙළෙඳපොළෙන් ඉවත් කරන්න කටයුතු කරනවා.”

“කෙසේවෙතත් ලංකාවේ පොල්තෙල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවන නිසා රට තුළට පොල්තෙල් ආනයනය කරන්නේ. ඒ නිසා අනියත බියක් ඇති කර ගතයුතු නෑ. මේ ආනයනික පොල්තෙලුත් රටේ විකුණන් පුළුවන්. දැනට තියෙන ප්‍රමිතිවලට අදාළ පොල්තෙල් පමණයි රට තුළ විකිණිය හැක්කේ. ඒ නිසා ඒ සම්බන්ධයෙන් මහජනතාව සහ පාරිභෝගිකයෝ අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ.”

මේ අතර, සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින්ගේ සංගමය චෝදනා කරන්නේ, ආනයනය කළ විෂ සහිත තෙල් වර්ගයක් දේශීය පොල්තෙල් ලෙස හුවාදක්වමින් අලෙවි කිරිමේ ජාවාරමක් ක්‍රියාත්මක බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...