spot_img
spot_img

ඡන්දෙට ස්වාධීන කණ්ඩායම් රැසක් ඇප තැන්පත් කරලා

මෙවර මහ මැතිවරණය අදාළව ඊයේ (04) දිනය වනවිට ස්වාධීන කණ්ඩායම් 122 ක් ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ ඊයේ දිනය තුළ පමණක් ස්වාධීන කණ්ඩායම් 36 ක් ඇප මුදල් තැන්පත් කර ඇති බවයි.

මේවන විට මැතිවරණ කොට්ඨාස 22 න් 21 ක් සඳහා ස්වාධින කණ්ඩායම් විසින් ඇප මුදල් තැන්පත් කිරීම සිදුකර තිබෙනවා.

එම කොමිෂන් සභාව පවසන්නේ, කෙසේ නමුත් මාතලේ මැතිවරණ කොට්ඨාසය සඳහා කිසිදු පාර්ශවයක් ඊයේ දිනය වනවිට ඇප මුදල් තැන්පත් කර නොතිබූ බවයි.

ජනසෙත පෙරමුණ පක්ෂය යාපනය සහ වන්නි මැතිවරණ කොට්ඨාසය වෙනුවෙන් නාම යෝජනා භාර දී ඇති අතර ස්වාධීන කණ්ඩායම් තුනක් ද ඊයේ නාමයෝජනා භාර දී තිබෙනවා.

මෙවර මැතිවරණය සඳහා නාම යොජනා භාර ගැනීම ඊයේ ආරම්භ වූ අතර ලබන 11 වනදා මධ්‍යාහ්න 12 දක්වා නාම යෝජනා භාර ගැනීමට නියමිතයි

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...