spot_img
spot_img

IMF නියෝජිත කණ්ඩායමෙන් නිවේදනයක්

මෙරට සංචාරය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම අද (04) සිය සංචාරය නිම කිරීමෙන් අනතුරුව නිවේදනයක් නිකුත්කර තිබේ.

IMFහි ආසියා – පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් එම නියෝජිත පිරිසේ ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

ඔහු පවසන්නේ, “අපි ජනාධිපති දිසානායක සහ ශ්‍රී ලංකා ආර්ථික කණ්ඩායම සමග ශ්‍රී ලංකා ආර්ථිකය මුහුණදී තිබෙන ආර්ථික සහ මූල්‍ය අභියෝග සම්බන්ධයෙන් ඵලදායී සාකච්ඡා පැවැත්වුවා. ශ්‍රී ලංකාව 2022දී මුහුණදුන් දරුණු ආර්ථික ආර්බුදයෙන් අනතුරුව අපහසුවෙන් ලබාගත් ජයග්‍රහණ තවදුරටත් ආරක්ෂාකර ගනිමින් ඉදිරියට යාමේ වැදගත්කම සම්බන්ධයෙන් අපි එකඟ වුණා.”

“ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන් සම්බන්ධයෙන් බලධාරීන්ගේ කැපවීම අපව දිරිමත් කරයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට සහාය දැක්වීමේ ස්ථීර හවුල්කරුවෙකු වන අතර රටේ ආර්ථික ප්‍රතිසංස්කරණ ඉලක්ක සපුරා ගැනීමට සහායවීමට සූදානමින් සිටියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබන වැඩසටහනේ තුන්වන සමාලෝචනය සඳහා දිනයක් නියම කිරීම සඳහා IMF කණ්ඩායම ශ්‍රී ලංකාවේ ආර්ථික කණ්ඩායම සමඟ සමීප සබඳතාවයක් පවත්වාගෙන යයි.”

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...