Tuesday, May 5, 2026
spot_img
spot_img

දයාසිරිගෙන් පුටුවට විරෝධයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන ලේකම් නීතීඥ දයාසිරි ජයසේකර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක වෙත ලිපියක් යොමුකර තිබෙනවා.

ඒ පොදුජන එක්සත් පෙරමුණ නමැති දේශපාලන සන්ධානය පුටුව ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දුනහොත් ඒ පිළිබදව දැඩි ලෙස විරෝධතාවය ප්‍රකාශ කරන බව සඳහන් කරමින්.

පොදුජන එක්සත් පෙරමුණේ ප්‍රධාන පාර්ශ්වකාර පක්ෂය වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නීත්‍යානුකූල ප්‍රධාන ලේකම්වරයා ලෙස තමන් සහ අනෙකුත් පක්ෂවල නියෝජිතයන් කිසිදු දැනුවත්භාවයක් නොමැතිව පොදුජන එක්සත් පෙරමුණේ ව්‍යවස්ථාව නීති විරෝධී සහ වංචනික ලෙස සංශෝධනය කර නව නිළධාරී මණ්ඩලයක්ද පත්කර ගෙන ඇති බවත්,මේ සම්බන්ධව ඉදිරියේදී නීතිමය ප්‍රතිපාදන තුළ ගත හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගනු ලබන බවත් දයාසිරි ජයසේකර මෙම ලිපිය මගින් දැනුම්දී ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස වංචනික ලෙස ඉදිරිපත් කර ඇති සංශෝධිත ව්‍යවස්ථාව පිළිනොගන්නා ලෙස සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධව පවතින නඩු කටයුතු අවසන් කර අවසාන තීන්දුවක් ලැබෙන තෙක් පොදුජන එක්සත් පෙරමුණ සම්බන්ධයෙන් තීන්දුවක් නොගන්නා ලෙසද ප්‍රධාන ලේකම්වරයා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත මෙම ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය සහ ප්‍රධාන ලේකම් ධූරය සම්බන්ධයෙන් කොළඹ දිසා අධිකරණයේ, කඩුවෙල දිසා අධිකරණයේ ඇතුළු අධිකරණ ගණනාවක නඩු රැසක් විභාග වෙමින් පවතින අතර එම නඩු තීන්දුවලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය, ලේකම් ධූරය පිළිබඳව අවසානාත්මක තීරණයක් ලැබෙන තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගැනීමට මැතිවරණ කොමිසම තීරණයක් ගත් බවද මෙම ලිපියේ සඳහන්.

එවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන පාර්ශවයක් වන පොදුජන එක්සත් පෙරමුණ නමැති දේශපාලන සන්ධානයේ ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට කිසිදු නිත්‍යානුකූල බලයක් හිමි නොවන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ලද සුළුතර කණ්ඩායමක් ඔවුන්ට නොමැති බලයක් ආරෝපණය කරගෙන අනීතික සහ වංචනික ලෙස කූට ලේඛන සකස් කරමින් සහ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් සහ පොදුජන එක්සත් පෙරමුණේ සහෝදර පක්ෂ සහ කණ්ඩායම් වල නියෝජිතයින් නොමග යවමින් නිත්‍යානුකූල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව, විධායක සභාවේ අවසරයකින් තොරව ව්‍යවස්ථා සංශෝධනයක් කර මැතිවරණ කොමිෂන් සභාවට ඉදිරිපත් කර ඇති බවත් මෙම ලිපියේ වැඩිදුරටත් දැක්වෙනවා.

මෙම කූට ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂද පොලිස් වංචා විමර්ශන කාර්යාංශයට මැතිවරණ කොමසාරිස්වරයාද දැනුවත් කරමින් පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇති බවත් ප්‍රධාන ලේකම් දයාසිරි ජයසේකර මෙම ලිපියෙන් වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...