spot_img
spot_img

නාමයෝජනා භාර ගැනීම හෙට සිට

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් 58ක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මඩකලපුව, යාපනය, දිගාමඩුල්ල සහ කොළඹ දිස්ත්‍රික්කවලින් වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් ඇප තැන්පත් කර තිබෙනවා.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ නාමයෝජනා භාර ගැනීම හෙටින් (04) ආරම්භ වනු ඇති.

ඒ අනුව ලබන 11 වැනිදා මධ්‍යහන 12 දක්වා නාම යෝජනා භාරදිය හැකි බව, මැතිවරණ කොමිසම සඳහන් කළා.

මේ අතර 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයැදුම්පත්‍ භාරගැනීම මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ, ලබන 8 වැනිදා දක්වා අයැදුම්පත් භාර ගැනීම සිදු වන බවයි.

2024 පාර්ලිමේන්තු මැතිවරණය, නොවැම්බර් 14 වැනිදා පැවැත්වීමට නියමිතයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...