spot_img
spot_img

විනිසුරුට අපහාසාත්මක පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර්මාණ කර මුද්‍රණය කිරීමට ලබා දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසනවා.

එමෙන්ම ඒවා තැන් තැන්වල අලවා ප්‍රදර්ශනය කිරීමට විවිධ පුද්ගලයන් වෙත ලබා දුන් පුද්ගලයකු ද අත්අඩංගුවට ගත් බවයි එම කොට්ඨාසය පවසන්නේ.

පොලීසිය පවසන්නේ, ඔවුන් දෙදෙනාම කැලණිය සහ කොළඹ විශ්ව විද්‍යාලවල උපාධිධාරීන් බවත් සැකකරුවන් සමඟ ජංගම දුරකථන තුනක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි.

එම පෝස්ටර් නිර්මාණය කර මුද්‍රණය කර ලබා දුන් 41 හැවිරිදි සැකකරු දෙහිවල ප්‍රදේශයේදීත් අනෙක් සැකකරු වන 27 හැවිරිදි පුද්ගලයා කැලණිය ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කළා.

ඉකුත් අගෝස්තු මස 28 වෙනිදින කොටුව දුම්රිය ස්ථානය අසල ,රේගුව ආසන්නයේ , අලුත් කඩේ මහාධිකරණය ආසන්නයේ , පැලවත්ත, බත්තරමුල්ල හා ගල්කිස්ස ආදී ජනාකීර්ණ ප්‍රදේශවල මහාධිකරණ විනිසුරුවරයාට අපහාසයක් වන පරිදි පෝස්ටර් රැසක් අලවා තිබුණා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...