spot_img
spot_img

ජනපතිගේ දූෂණ විරෝධී වැඩසටහන ඉන්දියාවේ ඇගයීමට

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා මහතා (Santosh Jha) අතර හමුවක් අද (02) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

පසුගිය ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක මහතා ලබාගත් ජයග්‍රහණය වෙනුවෙන් සිය හෘදයාංගම සුබපැතුම් පළ කළ ඉන්දීය මහකොමසාරිස්වරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට හැකි සෑම ආකාරයකින්ම සහාය දැක්වීමට ඉන්දියාව සූදානමින් සිටින බව පවසා ඇත.

ශ්‍රී ලංකාව කලාපයේ සාමකාමී සහ ස්ථාවර රාජ්‍යයක් ලෙස ඉස්මතු වනු දැකීම සිය රටේ ප්‍රාර්ථනාව බවත් ප්‍රකාශ කර තිබේ.

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින දිගු කාලීන මිත්‍රත්වය සහ සමීපතාව සිහිපත් කළ ඉන්දීය මහකොමසාරිස්වරයා අසල්වැසි සහෝදර රාජ්‍යයන් ලෙස දෙරට අතර අඛණ්ඩ සහ ස්ථාවර මිත්‍රත්වයක් පවත්වාගනිමින් ඉදිරියට යාමේ වැදගත්කම අවධාරණය කර ඇත.

විශේෂයෙන්ම දූෂණයට එරෙහිව ඵලදායි ලෙස සටන් කිරීම සඳහා රාජ්‍ය පද්ධතිවල ඩිජිටල්කරණයේ වැදගත්කම පෙන්වාදුන් ඉන්දීය මහ කොමසාරිස්වරයා, ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ දක්වා ඇති දූෂණ විරෝධී වැඩපිළිවෙළ ද අගය කළේය.

එසේම ඩිජිටල්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකාවට සහාය වීමට ඉන්දියාව කැමැත්තෙන් පසුවන බව ද මහකොමසාරිස්වරයා සඳහන් කළේය.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...