spot_img
spot_img

ඩග්ලස් තනිව මහමැතිවරණයට

හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ නායකත්වයෙන් යුත් ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හෙවත් ඊ.පී.ඩී.පී පක්ෂය වීණාව ලකුණ යටතේ මහමැතිවරණයට තනිව තරඟ කරන බව එම පක්ෂය පවසනවා.

එම පක්ෂයේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවිධායක T. පුෂ්පරාසා මහතා පවසන්නේ, ඒ අනුව උතුරු නැගෙනහිර පළාතේ සියලු දිස්ත්‍රික්ක වලට සහ කොළඹ දිස්ත්‍රික්කයට මෙවර නාමයෝජනා ලබා දීමට සැලසුම් කර ඇති බවයි.

මහ මැතිවරණය සඳහා අවශ්‍ය නාමයෝජනා සකස් කිරීම මේ දිනවල සිදු කරමින් යන බවත් තම පක්ෂය සන්ධාන ගත වීමක් සිදු නොවන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...