Sunday, May 3, 2026
spot_img
spot_img

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන්ත්‍රී දීමනාව ගෙවීම ප්‍රමාද කිරීමට සිදුව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

පාර්ලිමේන්තුව පසුගිය 24 වැනිදා විසුරුවා හැරි හෙයින් එදින දක්වා ගණනය කර මන්ත්‍රී දීමනාව ගෙවීමට කටයුතු කෙරෙන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති.

මීට පෙර එවැනි හිඟ බිල්පත් ඉදිරි මාසවලින් හෝ පියවා ගැනීමට හැකියාව තිබූ හෙයින් මාසික දීමනාව ගෙවීම ප්‍රමාදයකින් තොරව කළ බව පාර්ලිමේන්තු නිලධාරියෙක් පැවසීය.

මෙය මන්ත්‍රීවරුන්ගේ අවසාන දීමනාව හෙයින් එම හිඟ මුදල් සම්පූර්ණයෙන්ම කපා ගැනීම අවශ්‍යවී අැතැයිද ඔහු සඳහන් කළේය.

පසුගිය මාසයේ දීමනාව ප්‍රමාදවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තු මන්ත්‍රී සේවා අංශයෙන් දැනටමත් විමසීම් කර ඇත.

සාමාන්‍යයෙන් මන්ත්‍රී දීමනාව මීට පෙර සෑම මසකම 27 වැනිදා වනවිට ගෙවා අවසන් කර තිබිණ.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...