Monday, May 4, 2026
spot_img
spot_img

9වන පාර්ලිමේන්තුවේදී සම්මත වූ විශේෂ පනත්

2020 අගෝස්තු 20 වනදා රැස්වීම් ආරම්භ වී 2024 සැප්තැම්බර් 24 වනදා මධ්‍යම රාත්‍රියේ විසුරුවා හරිනු ලැබූ 9වන පාර්ලිමේන්තු කාලසීමාව තුළදී පනත් 167ක් සම්මතවී ඇති බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නිවේදනය කරයි.

රජයේ පනත් 146 ක් සහ පෞද්ගලික මන්ත්‍රී පනත් 21ක් ලෙස අදාළ පනත් 167 සම්මතවී ඇත.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ, අධ්‍යක්ෂ ව්‍යවස්ථාදායක සේවා / අධ්‍යක්ෂ සන්නිවේදන (වැඩබලන) එම්. ජයලත් පෙරේරා මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම්දී තිබේ.

වර්ෂය ‍ රජයේ පනත් පෞද්ගලික මන්ත්‍රී පනත්
2020 07 00
2021 30 00
2022 44 02
2023 29 05
2024 36 14
——————————————————————————————–
මුළු ගණන 146 21

මෙලෙස සම්මතවූ පනත් අතරින් විශේෂ පනත් කිහිපයක් පහතින් දැක්වෙයි.

*2023 අංක 3 දරන මැතිවරණ වියදම් නියාමන පනත.

*2023 අංක 6 දරන පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පනත.

*2023 අංක 9 දරන දූෂණ විරෝධී පනත.

*2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත.

*2023 අංක 21 දරන මැතිවරණ (විශේෂ විධිවිධාන) පනත.

*2023 අංක 28 දරන දූෂණ විරෝධී (සංශෝධන) පනත.

*2024 අංක 9 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත.

*2024 අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත.

*2024 අංක 37 දරන කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත.

*2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත.

*2024 අංක 45 දරන ආර්ථික පරිවර්තන පනත යන පනත.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...