spot_img
spot_img

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් පත් කෙරේ

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස සේවය කළ දිනිත් චින්තක කරුණාරත්න එම තනතුරින් ඉල්ලා අස්වීම හේතුවෙන් එකී තනතුරේ පුරප්පාඩුව සඳහා අයෙකු පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

එබැවින්, දැනට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (පාලන) ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරී එච්. එස්. කේ. ජේ. බණ්ඩාර වහාම ක්‍රියාත්මක වන පරිදි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ පුර්ණ කාලීනව වැඩබැලීම සඳහා පත් කිරීමටයි කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවී ඇත්තේ.

ඒ බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත්මහතා ඉදිරිපත් කළ යෝජනාවක් අනුවයි.

spot_imgspot_img

Popular

More like this
Related

අර්චුනා මන්ත්‍රී ධූරයක් දැරීමට සුදුසුද නැද්ද..? නඩු විභාගය අගෝස්තු 31

යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු අර්චුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධූරය බල රහිත...

ඇමෙරිකානු ග්‍රීන් කාඩ් සිහිනය සිහිනයක්ම පමණක් වෙයිද

ලියකියවිලි අතින් සියලුම සුදුසුකම් සපුරා තිබුණද, ඇමෙරිකානු පරිපාලනයේ සිදුවූ...

උද්ධමනය යළිත් ඉහළට – ජූනි මාසයේ ආහාර උද්ධමනය තුන් ගුණයකින් වැඩිවෙයි

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2026 ජූනි මාසය සඳහා...