spot_img
spot_img

රජයේ වාහන 107ක් ගත් අයගේ ලැයිස්තුව එළියට

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල්කර ඇති වාහන සම්බන්ධයෙන් පළවන මත පිළිබඳ ජනාධිපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන්ව ඇත්තේ, නව ජනාධිපතිවරයා පත්වීමත් සමග පසුගිය දින කිහිපය තුළ සිදුකළ දැනුම්දීම පරිදී ජනාධිපති කාර්යාලය වෙත භාරදුන් රථ වාහන 107ක් මේ වන විට ජනාධිපති කාර්යාලයෙන් පිටත පොලිස් ආරක්ෂාව යටතේ තාවකාලිකව ගාල්කර ඇති බවයි.

එමෙන්ම මෙම රථ වාහන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් පිටත පරිශ්‍රයේ ගාල්කර ඇත්තේ ජනාධිපති ලේකම් කාර්යාලය තුළ මෙතරම් වාහන ප්‍රමාණයක් ගාල් කිරීමට ඉඩනොමැති නිසා බව එම නිවේදනයේ දැක්වෙනවා.

නමුත් එය කිසිසේත් ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් තබා නැති බවද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එම වාහන ජනාධිපති ලේකම් කාර්යාලයේ නිත්‍ය කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන නොවන අතර හිටපු ජනාධිපතිවරයා විසින් සිය ධුර කාලය තුළදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41(1) වගන්තිය යටතේ පත් කරන ලද සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය වෙත ලබා දී තිබු රථ වාහන බවත් එම නිවේදනයේ දැක්වෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...