spot_img
spot_img

ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් අද විශේෂ සාකච්ඡාවක්

හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්‍රභූ ආරක්ෂාව සම්බන්ධයෙන් අද(30) පස්වරුවේ විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබෙනවා.

ඒ, මහජන ආරක්ෂක අමාත්‍යංශයේදීයි.

මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ.

දැනට ආරක්ෂාව දී ඇති ප්‍රභූවරුන්ට පවතින ආරක්ෂක තර්ජන පිළිබඳ එහිදී සමාලෝචනයක් කිරිමට ද නියමිතව තිබෙනවා.

ඊට අමතරව එහිදී ප්‍රභූ ආරක්ෂාවට අදාළ විශේෂ කරුණු කිහිපයක් පිළිබඳව ද තීරණය කිරීමට නියමිතයි.

හිටපු අමාත්‍යවරුන්ගේ මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පොලිස් ආරක්ෂාව ද මේ වනවිට ඉවත් කර තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...