spot_img
spot_img

අධ්‍යාපනයට වෙන්කරන මුදල ගැන අග්‍රාමාත්‍ය හරිනිගෙන් සහතිකයක්

දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 6ක් අධ්‍යාපනය වෙනුවෙන් එක්වරම වෙන්කිරීම පවතින ආර්ථික අර්බුදය හමුවේ ගැටලුකාරී තත්ත්වයක් වුවත්, එය ක්‍රමානුකූලව ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බව අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.

ජාතික පාසල් 396ක විදුහල්පතිවරුන්ගේ සහභාගිත්වයෙන් කොළඹ ආනන්ද විද්‍යාලයේදී පෙරේදා (28) පැවති සමුළුවක් අමතමින් ඇය මේ බව කියා සිටියාය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

“අපි අධ්‍යාපනය තුළින් බලාපොරොත්තු වෙන්නේ දැනුම කේන්ද්‍ර කරගෙන දෙන අධ්‍යාපනයක් පමණක් නෙමෙයි. මූලික වශයෙන් මේ සමාජයට, අපේ රටට අවශ්‍ය පුරවැසියා බිහිකිරීම අධ්‍යාපනයෙන් සිදුවිය යුතුයි. අධ්‍යාපනය පිළිබඳ විශ්වාසය නැවත ගොඩනැගීම වැදගත්. අධ්‍යාපනය ගැන දරුවන්ට, මව්පියන්ට, ගුරුවරුන්ට විශ්වාසයක් නැහැ. ඒ පිළිබඳව කලකිරීමකින් ඉන්නේ. විභාග, පත්වීම්, බඳවාගැනීම් අර්බුදකාරී තත්ත්වයක. අධ්‍යාපනය දේශපාලනීකරණය වීම මත විශාල පීඩනයකින් ඔබ ඉන්නේ. ඔබේ වෘත්තිමය ගරුත්වය රකින අධ්‍යාපනයක් අපි හදනවා.

දළ ජාතික නිෂ්පාදනයෙන් 6%ක් අධ්‍යාපනයට වෙන්විය යුතුයි. ආර්ථික අර්බුදයත් සමග එක්වර දෙන්න බැහැ. ක්‍රමානුකූලව ඒ ඉලක්කය වෙත යන්න සැලසුම් තියෙනවා. අපේ අයවැය තුළ අධ්‍යාපනයට විශේෂ තැනක් දෙනවා”.

spot_imgspot_img

Popular

More like this
Related

මෙරට රන් මිල සැලකිය යුතු අගයකින් පහළට

ලෝක වෙළෙඳපොළේ රන් මිල සීග්‍ර ලෙස පහළ යමින් පවතින...

ලක්ෂ 84ක් නිසා චාමර හිටපු ලේකම් එක්ක 27 වෙනකම් හිරේ!

පොස්පේට් ආනයනය කරන සමාගම් තුනකින් රුපියල් ලක්ෂ 84ක මුදලක්...

උද්ධමනය 9%ක් දක්වා ඉහළ යා හැකි බවට මහ බැංකුවෙන් අනාවැකියක්!

2026 ඔක්තෝබර් මාසයේදී 8.3%ක් දක්වා ඉහළ ගිය මෙරට උද්ධමනය...

රුසියාවේ සිට ගෙනා මහා අපරාධකරු රොටුඹ අමිල CIDයට

රුසියාවේ සිට මෙරටට රැගෙන ආ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ජාත්‍යන්තර...