spot_img
spot_img

සියලු පාසල්වලට අදාළව චක්‍රලේඛයක්

පාසල්වල සිදුකරන විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එක්රැස්කිරීම් සිදු නොකළ යුතු බව දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය විසින් දිවයිනේ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ලෝක ළමා දිනය, ගුරු දිනය ආදී විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම් සම්බන්ධයෙන් අමාත්‍යංශය වෙත පැමිණිලි රැසක් ලැබී ඇති බවයි ඇය පවසන්නේ.

එවැනි සිදුවීම් හේතුවෙන් මව්පියන් හා සිසුන් පීඩාවට පත්වන අතර ගුරුවරුන්ට මෙන්ම විදුහල්පතිවරුන්ට ද විවිධ ගැටලුවලට මුහුණ දීමට සිදුවන බව අමාත්‍යංශ ලේකම්වරිය පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් පාසල්වල උත්සව පැවැත්වීම සඳහා මව්පියන්ගෙන් මුදල් එකතු කිරීම නොකළ යුතු බවට අවධාරණය කර ඇති අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය, එවැනි ගැටලුකාරී තත්ත්වයන් පාසල්වල ඇති නොවීමට විදුහල්පතිවරුන් වගබලා ගත යුතු බව අදාළ චක්‍රලේඛයෙන් දැනුම් දී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...