Friday, April 24, 2026
spot_img
spot_img

රනිල් පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් සමග සාකච්ඡාවක්

මහ මැතිවරණය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ පසුගිය ජනාධිපතිවරණයේදී ඔහුට සහය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර තවත් සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.

ඊයේ (27) පස්වරුවේ මෙම සාකච්ඡාව පැවැත්වුණේ, කොළඹ මල් පාරේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ මැතිවරණ කාර්යාලයේදියි.

කෙසේ වෙතත් පසුගියදා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මාධ්‍ය වෙත පවසා සිටියේ රනිල් වික්‍රමසිංහ යළි පාර්ලිමෙන්තු මැතිවරණයට පිවිසීමට කටයුතු නොකරන බවයි.

තව ද ජාතික ලැයිස්තුවෙන් පවා පාර්ලිමේන්තුවට පිවිස රනිල් වික්‍රමසිංහ කටයුතු නොකරන බව ඔහු මාධ්‍ය හමුවක් කැඳවමින් වැඩිදුරටත් කියා සිටියා.

මේ අතර සමගි ජන බලවේගයේ නාමයෝජනා මණ්ඩලය ලබන සඳුදා කොළඹදී රැස්වීමට නියමිතව තිබෙනවා.

එම පක්ෂය සමඟ මහ මැතිවරණයට තරග කිරීම සඳහා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහය පළ කළ හිටපු මන්ත්‍රීවරුන් පිරිසක් කැමැත්ත පළ කර ඇති බවයි වාර්තාවන්නේ.

එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ සහ යටිනුවර ආසන සංවිධායක මහේෂ් සේනානායක ඊයේ, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස හමුවී සමඟි ජනබලවේගයට සහය පළ කළා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...