spot_img
spot_img

ග්‍රීක බැඳුම්කර ගනුදෙනුව: අජිඩ් නිවාඩ් කබ්රාල් ඇතුළු 5ක⁣ට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ග්‍රීක බැඳුම්කර ගනුදෙනුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අජිඩ් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස් දෙනෙකුට ලබන මස 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ(26) නියෝග කළේය.

අල්ලස් කොමිසම මෙම නඩුව පවරා ඇත්තේ දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව සිටියදී ග්‍රීක රජය නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීමෙන් රජයට රුපියල් කෝටි 184 කට අධික පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමිනි.

මීට පෙර මෙම ගනුදෙනුවට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර නඩු පැවරූ අතර කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්වරයා අධිචෝදනා පත්‍ර අත්සන් තැබූ දින වකවානු සම්බන්ධයෙන් ඉදිරිපත් කළ තාක්ෂණික දෝෂය මත විත්තිකරුවන් නිදහස් කළේය.

තාක්ෂණික දෝෂය නිවැරදි කරමින් කොමිසම පසුගිය අගෝස්තු 21 වැනිදා නැවත නඩු පැවරීමට පියවර ගෙන ඇත.

මේ අනුව අද(26) සිතාසි නිකුත් කෙරුණේ මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු නියෝජ්‍ය අධිපති ධර්මසේන ධීරසිංහ, දොන් වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන සහ එම්.ඒ. කරුණාරත්න යන විත්තිකරුවන්ටයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...