මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍රික් මැතිවරණ ආරවුල් නිරාකරණ කිරීමේ මධ්‍යස්ථානය පවසනවා.
ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ දින සිට ඉදිරි දින 60 ක කාලයක් බලපැවැත්වෙන පරිදි එම අනුකමිටුව සහකාර තේරීම් භාර නිලධාරී ශානක ත්‍රිමාන මහතාගේ අධීක්ෂණය යටතේ පිහිටුවීමට නියමිතයි.
2023 අංක තුන දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ අනුකමිටුව පිහිටුවනු ඇතැයි එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරනවා.
Comments




