spot_img
spot_img

සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී අද (24) පැවසීය.

රනිල්ගේ වැඩ සටහනට වඩා අනුරගේ වැඩසටහන ගැන ජනතාව විශ්වාසය තබා තිබෙන බව කී අබේවර්ධන මහතා නැවත පෝලිම් යුගයක් ඇති නොවන පරිදි කටයුතු කිරීමට දිසානායක ජනාධිපතිවරයා කටයුතු කළ යුතුව ඇතැයි ද කීය.

පිට කෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ වජිර අබේවර්ධන මහතා මෙසේද කීය.

රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා ඔහුට ඡන්දය දුන් සැමට සිය ස්තුතිය පළ කර තිබෙනවා. ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් විවිධ දේශපාලන මත දරන කණ්ඩායම් සිය ඡන්දය භාවිත කළා.

වර්තමානයේ 42%ක ජන වරමක් ලබා දෙමින් අනුර කුමාර දිසානායක වර්තමාන ජනාධිපතිවරයාට ශ්‍රී ලාංකික මහජනතාව විසින් විශාල වගකීමක් පවරා තිබෙනවා.

එම වගකීම ක්‍රියාත්මක කිරීම සඳහා යම් කාල සීමාවක් ලබාදිය යුතුව තිබෙනවා.එමෙන්ම ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වන කණ්ඩායමට සියලු දේශපාලන පක්ෂ ලබා සහයෝගය දිය යුතුව තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...