Sunday, June 7, 2026
spot_img
spot_img

පොදු සන්ධානයක් හදන්න එජාපයෙන් සැලසුම්

ඉදිරි මැතිවරණ සහ දේශපාලන තත්ත්වයන්ට මුහුණදීමට විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇති කර ගැනීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කර තිබෙනවා.

ඒ, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය ලබාදෙන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම සහ හිටපු ජනාධිපතිවරයා අතර කොළඹ ඊයේ පැවති හමුවකදීයි.

එහිදී තමන්ට ලබාදුන් සහයෝගයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ස්තූතියද පළ කර තිබෙනවා.

එමෙන්ම, සියලු දේශපාලන පක්ෂ එක්කරගත් පොදු සන්ධානයක් ඇති කර ගැනීමට එකගතාවයක් පළ වී ඇති අතර, ඊට 10 දෙනෙකුගෙන් යුත් කමිටුවක්ද පත් කිරීමටයි තීරණය වී ඇත්තේ.

අදාළ කමිටුවට හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු අමාත්‍යවරුන් වන රමේෂ් පතිරණ, ප්‍රසන්න රණතුංග, ජීවන් තොණ්ඩමන්, හරීන් ප්‍රනාන්දු ඇතුලු තවත් දේශපාලන නියෝජිතයින් පත් කර තිබෙනවා.

ඔවුන්ගේ වගකීම වී ඇත්තේ, විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කොට පොදු සන්ධානයක් ඇති කර ගැනීම සදහා එකඟතාවයන් ඇති කර ගැනීමයි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...