Tuesday, April 21, 2026
spot_img
spot_img

වජිරා චිත්‍රසේන අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ නර්තනවේදිනී වජිරා චිත්‍රසේන මහත්මිය අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අද (23) දහවල් ඇය අභාවප්‍රාප්ත වී ඇති බවයි වාර්තා වන්නේ.

වර්ෂ 1932 මාර්තු මස 15 වැනි දින මෙලොව එළිය දුටු නර්තනවේදිනිය කොළඹ මෙතෝදිස්ත විද්‍යාලයේ ආදි ශිෂ්‍යාවක් ද වන අතර ඇය මෙරට බිහි වූ පළමු උඩරට නර්තන ශිල්පිනියයි.

දේශමාන්‍ය වජිර චිත්‍රසේන ශ්‍රී ලාංකේය සම්ප්‍රදායික නර්තන ශිල්පියෙක සේම නර්තන ගුරුවරියක් ද වනවා.

සාම්ප්‍රදායිකව පිරිමින් පමණක් ඉදිරිපත් කළ උඩරට නර්තනය ප්‍රගුණ කළ පළමු ශ්‍රී ලාංකික කාන්තාව ලෙස ඉතිහාසගත වන්නේ ද ඇයයි.

කුමුදුනී මුද්‍රා නාට්‍ය එහි පළමු පියවර වන අතර රන් කිකිළි, ගිනි හොරා, හපනා, සේපාලිකා ආදී මුද්‍රා නාට්‍ය ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වූ මුද්‍රා නාට්‍යයන් වන්ව්

වෙස් ඇඳුම් කට්ටලයට සමානකමක් දැක්වූ දේශීය කාන්තා රංඟවස්ත්‍රාභරණ කට්ටලය කාන්තාවන්ට සුදුසු ලෙස නිර්මාණශීලීව සෝමබන්දු විද්‍යාපතිගේ සහයෝගය සමඟ සකස් කිරීමේ ගෞරවය අදටත් හිමිවන්නේ වජිරා චිත්‍රසේනටයි.

ඇය විවාහ වී සිටියේ ප්‍රවීණ චිත්‍ර ශිල්පියෙකු සහ නර්තන ගුරුවරයෙකු වූ චිත්‍රසේන සමඟයි.

2020 ජනවාරි 26 දින ඇය දිවංගත මහාචාර්ය ඉන්ද්‍රා දසනායක සමඟින් ඉන්දියාවේ 71 වැනි ජනරජ දිනයට සමගාමීව ඉහළම ඉන්දීය සිවිල් සම්මානවලින් එකක් වන පද්ම ශ්‍රී සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...