Tuesday, April 21, 2026
spot_img
spot_img

ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍ර ගැටලුවට අත්අඩංගුවට ගත් අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂකවරයා ලබන 07 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීහිපයක් පිට කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගෙන තිබුණා.

පොලිසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් සැකකරු 57 වියේ පසුවන පුද්ගලයෙක් බවයි.

ඔහු විසින් අදාළ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටකර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා සඳහන් කළා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...