spot_img
spot_img

රාජ්‍ය නිලධාරීන් 09 දෙනෙකුගේ මැතිවරණ රාජකාරි තහනම්

හම්බන්තොට දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් 09 දෙනෙකුගේ මැතිවරණ රාජකාරි තහනම් කර තිබෙනවා.

ඒ දේශපාලන පක්ෂ ප්‍රවර්ධනය කරමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතුවල නිරත වූ බවට පැමිණිලි ලැබීම හේතුවෙන්.

හම්බන්තොට දිස්ත්‍රීක් තේරිම්භාර නිලධාරී එම්.පී. සුමනසේකර මහතා සඳහන් කළේ එම පිරිස් අතර ගුරුවරුන්, විදුහල්පතිවරුන් හා මහජන පරික්ෂකරුන්ද සිටින බවයි.

තවත් රාජ්‍ය නිලධාරීන් දස දෙනෙකු පිළිබඳව ද පැමිණිලි ලැබී ඇති අතර ඔවුන් පිළිබඳව ද මැතිවරණ කොමිසම දැනුවත් කළ බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරයා සඳහන් කළා.

මේ අතර මැතිවරණ රාජකාරිවල නිරත රාජ්‍ය නිලධාරින් කිසිවකුටත් විශේෂ සැලකිල්ලක් නොදක්වමින් අපක්ෂපාතිව ක්‍රියා කරනු ඇතැයි අපෙක්ෂා කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම සඳහන් කළේ‍ රාජ්‍ය නිලධාරීන් ඡන්ද දායකයින් හා අපෙක්ෂකයින් මෙන්ම ඔවුන්ගේ බලයලත් නියෝජිතයින් සමග ද සුහද සබදතාවයකන් ක්‍රියාකළ යුතු බවයි.

ඔවුන් සමග කටයුතු කිරිමේදි කාරුණිකව සහ ඉවසීමෙන් ක්‍රියාකිරිමත් කාර්යක්ෂමව,අන්‍යෝන්‍ය සබදතාව පවත්වා ගෙන යාමට කටයුතු කළ යුතු බවත් මැතිවරණ කොමිසම සියලු රාජ්‍ය නිලධාරින්ට දැනුම් දී තිබෙනවා.

තම කාර්යයභාරය අතිශය සුපරික්ෂාකාරිව කළ යුතු බව පෙන්වා දෙන මැතිවරණ කොමිසම ජනාධිපතිවරණ රාජකාරිවල නිරත රාජ්‍ය නිලධාරින්ට අවධාරණය කරන්නේ නිදහස් හා සාධාරණ වාතාවරණයක් තුළ හෘද සාක්ෂියට එකඟව ඡන්දය ප්‍රකාශ කිරිමේ හැකිවක් පවතින බව ජනතාවට එත්තු ගැන්විය යුතු බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...