spot_img
spot_img

කමිඳු ලෝක වාර්තාවක් සම කරයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක කමිඳු මෙන්ඩිස් ලෝක ටෙස්ට් ක්‍රිකට් වාර්තාවක් සම කිරීමට සමත්වී තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර මේ වනවිට ගාල්ලේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයේදීයි.

කමිඳු එලෙස සමකර ඇත්තේ පිතිකරුවෙකු විසින් පළමු තරඟ හතේදීම ලකුණු 50ක් හෝ 50කට වැඩියෙන් රැස් කරමින් පාකිස්තාන ක්‍රීඩකයෙකු විසින් තබා තිබූ ලෝක වර්තාවයි.

පාකිස්තාන කණ්ඩායමේ ක්‍රිඩකයෙකු වන සවුද් ෂකීල් සිය පළමු ටෙස්ට් තරඟ හතේදීම ඉනිමකදී හෝ ලකුණු 50 සීමාව ඉක්මවා රැස් කිරීමට සමත් වී තිබුණා.

තරඟ දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරඟය අද (18) පෙරවරු 10ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වුණා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...