spot_img
spot_img

වැල් පාලමේ ගමනේ 75%ක් ඇවිත් නොවැටී ඉතිරි ටික යා යුතු යි

වැල් පාලමේ ගමනේදී ගෘෂා එක නතාලියා කෙනෙකුට මුහුණ දුන් නමුත් තමාට නතාලියා දෙදෙනකුට මුහුණ දීමට සිදුව ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (සැප්. 16) පැවසීය.

දරුවාගේ අයිතිය ඉල්ලා ඔවුන් දෙදෙනා ම කෑගැසුව ද තමන් වැල් පාලමේ ගමන අවසන් කර රට ජයග්‍රහණය කරවන බව කී ජනාධිපතිවරයා රටේ ආර්ථිකය ස්ථාවර කරමින් මේ වන විට වැල් පාලමේ ගමනේ සියයට 75ක දුරක් පැමිණ ඇතැයි සඳහන් කළේ ය.

වැල් පාලමේ අභියෝගයෙන් පැන ගිය අනුර – සජිත් නමැති නතාලියාලා දෙදෙනාට අයි.එම්.එෆ්. කොන්දේසි ඉටු කළ හැකි දැයි විමසන බව කී හෙතෙම වත්මන් රජයේ වැඩපිළිවෙල හොඳින් ම ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත්තේ තමා ප්‍රමුඛ රජයකට බව ද ප්‍රකාශ කළේ ය.

අම්පාරේ පැවති රනිල්ට පුළුවන් ජන රැලිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීය.

“මම ආපසු හුණුවටයේ කතාව සිහිපත් කළ යුතු යි. ඔබ හැමදෙනා ම හුණුවටයේ කතාව දන්නවා. තාම අපි ඉන්නේ වැල් පාලමේ. තව ටිකක් යන්න තියෙනවා. දැන් අප වැල් පාලමේ 75%ක් පමණ දුර පැමිණ තිබෙනවා. වැටෙන්නේ නැතිව ඉතිරි ටික යා යුතු යි. පාලම හෙලවෙනවා. එම ගමන ස්ථීර කිරීම සඳහා අප සිලින්ඩරයෙන් ඉදිරිපත් වී සිටිනවා.

වැල් පාලමේ ගමනේදී ගෘෂාට මුහුණදීමට සිදුවූයේ එක නතාලියා කෙනකුට පමණයි. නමුත් මට නතාලියා දෙදෙනකුට මුහුණදීමට සිදුව තිබෙනවා. වැල් පාලමෙන් එගොඩට එන විට හුණුවටයේ කතාවේ නොව වෙන නතාලියාලා දෙන්නෙක් ළමයා ගන්න ඉන්නවා. එදා මේ රටේ ජනතාව දුක් විඳින විට මේ නතාලියා දෙදෙනා කොහෙද හිටියේ කියා මම අහනවා. ඔවුන් දෙන්නාම පැනලා ගිය නතාලියාලා. ඒ අයට කිසිම අදහසක් නෑ. හිතුමතේ බදු අඩු කරන බව කියනවා. මමත් බදු අඩු කරන්න කැමැතියි. නමුත් අයි.එම්.එෆ්. ගිවිසුම් අනුව එහෙම කරන්න හැකියාවක් නෑ. රුපියල ශක්තිමත් කරන්නට තිබෙනවා. අප වැල් පාලමේ ගමන අවසන් කර නතාලියා දෙදෙනා පන්නා දමමු කියා මම ජනතාවට කියනවා. පක්ෂ, පාට භේදයෙන් තොරව අප සියලුදෙනා එක්ව රට ලබාගත් මේ ආර්ථික ජයග්‍රහණය ආරක්ෂා කර ගනිමු. ඒ වෙනුවෙන් සැප්තැම්බර් 21 වැනිදා ගෑස් සිලින්ඩරයට ඡන්දය ලබා දෙන්න කියා මම ඉල්ලනවා.”

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...