spot_img
spot_img

ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප කළ අයෙක්ට පහරදුන් සංවිධායක අත්අඩංගුවට

සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද පත්‍රිකාවක් ප්‍රතික්ෂේප කළබව කියන පුද්ගලයෙකුට පහර දුන් සමගි ජන බලවේගය ආසන සංවිධායකවරයකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ නාවලපිටිය, බව්වාගම පදිංචි අවුරුදු හතළිස් එකක පුද්ගලයෙකු බව පොලිසිය පවසයි.

සැකකරු නාවලපිටිය දොළොස් භාගයේ ප්‍රදේශයේදී සමගි ජන බලවේගය ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද පත්‍රිකා බෙදා හැරීමේ නිරතව සිට ඇත.

එහිදී සැකකරු විසින් මැතිවරණ ඡන්ද පත්‍රිකාවක් පැමිණිලි කරුට ලබා දී ඇති අතර එහිදී පැමිණිලිකරු එය ප්‍රතික්ෂේප කර ඇති අතර ඊට උරණ වී සැකකරු පැමිණිලි කරුට පහරදී ඇති බව පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.

පහර කෑමෙන් තුවාල ලැබූ පැමිණිලිකරු නාවලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...