නඳුන් චින්තක නොහොත් ‘හරක් කටා’ යන සංවිධානාත්මක අපරාධකරු අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුවෙන් පැන යාමට තැත් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් පොලිස් සැරයන්වරයෙකු ඊයේ (06) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා 36 හැවිරිදි දික්කුඹුර, අහංගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
අදාළ පොලිස් සැරයන්වරයාව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළD.
දුරකථන දත්ත ඔස්සේ සිදුකරන ලද විමර්ශනයේ දී හරක් කටා ට පළායෑමට භාවිත කිරීමේ අරමුණින් රැගෙන එන ලද යතුරුපැදියක් හා ආරක්ෂක හිස් වැසුමක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තිබී අත්අඩංගුවට ගෙන තිබුණා.
එම ආරක්ෂක හිස්වැසුම රැගෙන ඒම සඳහා සුද්දා නැමති පුද්ගලයෙකු සම්බන්ධ වී තිබූ අතර, එම සැකකරු සම්බන්ධයෙන් සොයා බැලීමේ දී ඔහු පදිංචි ස්ථානයෙන් මඟහැර ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වි තිබෙනවා.
එහිදී සුද්දා යන අය මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අනුයුක්ත පොලිස් සැරයන්වරයෙකු සමග සම්බන්ධ වී ඇති බවට තොරතුරු අනාවරණය වී තිබුණා.
ඊට අමතරව මෙම සැරයන්වරයා ‘හරක් කටා’ ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පැනයෑමේ සිද්ධිය, විදේශගතව සිටි මෙහෙයවනු ලැබූ ජයසේකර විතානගේ රුවන් චාමර නොහොත් ‘මිදිගම රුවන්’ නැමැත්තා සමග ද වට්ස්ඇප් මාර්ගයෙන් සම්බන්ධ වී ඇති බවට කරුණු අනාවරණය වු බව පොලිසිය සඳහන් කළා.




