spot_img
spot_img

මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනයට විශේෂ මධ්‍යස්ථානයක්

අන්තරායකර ඖෂධ වලට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් පිහිටුවීමට පුනරුත්ථාපන කාර්යංශය පියවර ගෙන තිබෙනවා.

වව්නියාව ප්‍රදේශයේ ඉදිකර ඇති එම මධ්‍යස්ථානය තුළ කාන්තාවන් 100 දෙනෙකු පුනරුත්ථාපනය කළ හැකි බව වාර්තා වනවා.

ඒ අනුව, අධිකරණ නියෝග යටතේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ කාන්තාවන් මෙම මධ්‍යස්ථානය හරහා පුනරුත්ථාපනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

ඒ පිළිබඳව පුනරුත්ථාපනය කොමසාරිස් ජනරාල්වරයා විසින් අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය දැනුවත් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව, මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ කාන්තාවන් පුනරුත්ථාපනය සඳහා යොමු කරන්නේ නම් වව්නියාවේ පිහිටි මෙම නව පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කරන ලෙස අධිකරණ සේවා කොමිසන් සභාව සියලු විනිසුරුවරුන්ට දැනුම්දී තිබෙනවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...