ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වැඩබලන සභාපති ලෙස ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ පත්කර තිබෙනවා.
ඒ නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්වීමත් සමගයි.
පසුගිය අගෝස්තු මාසයේදී කෞෂල්‍ය නවරත්න මහතාට එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවට එම සංගමයේ නීතීඥ කවුන්සිලය ඒකමතිකව පසුගිය තීරණය කරනු ලැබුවා.
එහිදී ඔහුට ඉල්ලා අස්වන ලෙස බලකරන යෝජනාවක් ද සභාව විසින් අනුමත කර තිබෙනවා.
ඒ ජපාන ‘ජයිකා’ ආයතනයේ මූල්‍යමය අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා නීතීඥ සංගමය සිදු කළ අල්ලස හා දූෂණය මැඬලීම සම්බන්ධයෙන් වන රුපියල් කෝටි 2ක උපදේශන සේවා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී කෞශල්‍ය නවරත්න මහතා විසින් විශ්වාසය කඩ කර ඇති බවට අනාවරණය වීමත් සමඟයි.
Comments




