Monday, April 27, 2026
spot_img
spot_img

ප්‍රචාරක කටයුතුවලට ළමයින් යොදා ගැනීම ගැන විමර්ෂනයක්

ජනාධිපතිවරණයට අදාළව විවිධ දේශපාලන පක්ෂ, තම දේශපාලන ප්‍රචාරක කටයුතු සඳහා ළමයින් සහභාගි කරගැනීම පිළිබඳව පැමිණිලි ලැබී ඇති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසනවා.

එම අධිකාරිය සඳහන් කළේ, ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇති බවයි.

වැඩිහිටියන්ගේ අනුදැනුම, මැදිහත්වීම හෝ පෙළඹවීම මත වයස අවුරුදු 18 ට අඩු ළමුන් මෙම මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා සහභාගී වන බවට නිරීක්ෂණය වී ඇති බවයි ළමාරක්ෂක අධිකාරිය සඳහන් කළේ.

එම අධිකාරිය පැවසුවේ, මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ළමුන් සහභාගි කර ගැනීම හේතුවෙන් ඔවුන් අනතුරුවලට හෝ කායික සහ මානසික පීඩාවලට ලක්වීමේ හැකියාව ඇති බවයි.

එවන් අවස්ථාවල නොපමාව නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කළා.

මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා ළමුන් සහභාගි කරගැනීමෙන් වළකින්නැයි, ජාතික ළමා ආරක්ෂක අධිකාරිය, සියලුම දෙමව්පියන්ට,භාරකරුවන්ට, සහ සියලු දේශපාලන පක්ෂවලට දැනුම්දෙනවා.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...