spot_img
spot_img

වාහන ආනයන සීමා ඉවත් කිරීමට කැබිනට් තීරණයක්

ලබන වසරේ පෙබරවාරි මාසය වනවිට වාහන ආනයන තහනම/සීමා ඉවත් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා x පණිවුඩයක් නිකුත් කරමින් ඒ බව පැවසුවා.

විදේශ විනිමය සංචිත සැලකිය යුතු ලෙස වර්ධනයවීම සහ රුපියල ශක්තිමත්වීම හේතුවෙන් මෙම තීරණය ගෙන තිබෙනවා.

අමාත්‍යවරයා පවසන්නේ ආර්ථික සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒම සඳහා ගන්නා ප්‍රයත්නයේ කොටසක් සහ ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් එම තීරණය ගන්නා බවයි.

කොරෝනා වෛරසයේ බලපෑම් හේතුවෙන් ආර්ථිකයේ ඇතිවූ අර්බුද හේතුවෙන් 2021 වසරේ දී වාහන ආනයනය අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය තීරණය කළා.

අනතුරුව ඇතිවූ දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් එම තහනම/සීමා තවදුරටත් පවත්වාගෙන යෑමට මෙරට බලධාරීන් තීරණය කළා.

මේ අතර පසුගිය ජුනි මාසයේදී ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශය නිවේදනය කළේ 2025 වනවිට ක්‍රමානුකූලව වාහන ආනයන සීමා ඉවත් කිරීමට සැලසුම්කර ඇති බවයි.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...