Monday, April 20, 2026
spot_img
spot_img

මහ බැංකු නිළධාරින්ගේ වැඩිකර ගත් පඩි ලැයිස්තුව

මහ බැංකුවේ නව වැටුප් වැඩිවීමට අනුව එහි කාර්යාල සහායකයෙකුගේ මාසික දළ වැටුප රුපියල් එක්ලක්ෂ අසූඅට දහසක් දක්වා ඉහළ නංවා ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණ වුණා.

එම වැටුප් වැඩිවීම් අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරනු ලැබූ අවස්ථාවේදීය.

මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ මාසික දළ වැටුප රුපියල් නව ලක්ෂයේ සිට රුපියල් 17 ලක්ෂය දක්වාද වැඩිකර ඇති බව එහිදී අනාවරණ වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා මහබැංකුවේ වැටුප් වැඩිවී ඇත්තේ කෙසේ ද යන්න අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට පැහැදිළි කළා.

කාර්යාල සහායක පන්තියේ පළමු ශ්‍රේණියේ සේවකයෙකුගේ මාසික දළ වැටුප රුපියල් එක්ලක්ෂ හතළිස් පන්දහස් හත්සිය හැත්තෑ තුනක් වන අතර නව වැටුප් වැඩිවීමත් සමග එය රුපියල් එක්ලක්ෂ අසූඅට දහස් අටසිය විසිහතක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය රුපියල් හතළිස්තුන්දහස් පනස් හතරක වැඩිවීමක්.

එමෙන්ම එම කාණ්ඩයේ දෙවැනි සහ තෙවැනි ශ්‍රේණි සඳහාද වැටුප් වැඩි වී ඇති අතර කාර්යාල සහායක තුන්වැනි පන්තියේ සේවකයෙකුගේ මාසික දළ වැටුප රුපියල් එක්ලක්ෂ හැටහතර දහස් හයසිය තිස්හතරේ සිට රුපියල් දෙලක්ෂ විසිතුන්දහස් හත්සිය හැට තුනක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එය රුපියල් පනස් නවදහස් එකසිය විසි නවයක වැඩිවීමක් බව සඳහන්.

කළමනාකාර සහකාර පන්තියේ ශ්‍රේණි 05ක් සඳහාද වැටුප් වැඩිකර ගැනිම සිදුව තිබෙනවා.

එහි පළමු පන්තියේ නිලධාරියෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් එක්ලක්ෂ හැත්තෑ තුන්දහස් නවසිය පනස් තුනක් වනවා.

එය රුපියල් දෙලක්ෂ හතළිස් එක්දහස් හයසිය විසි තුනක් දක්වා ඉහළ නංවා ඇති අතර එය හැටහත්දහස් හයසීය හැත්තෑවක වැඩිවීමක්.

කළමනාකාර සහකාර පන්තියේ පස්වැනි ශ්‍රේණියේ නිලධාරියෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් දෙලක්ෂ හැත්තෑ දෙදහස් අටසිය නවයක් වන අතර එය රුපියල් හාරලක්ෂ විසි එක්දහස් එකසිය අසූ හතරක් දක්වා ඉහළ නැංවෙනවා.

එම වැඩිවීම රුපියල් එක්ලක්ෂ හතලිස් අටදහස් තුන්සිය හැත්තෑපහක මුදලක්.

එමෙන්ම ඉහළ ප්‍රතිශතවලින් වැටුප් ඉහළ නැංවුණු තවත් කාණ්ඩයක් වන්නේ මාණ්ඩලික පන්තියයි.

එහි පළමු ශ්‍රේණියේ නිලධාරියෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් තුන් ලක්ෂ තිස්එක්දහස් පන්සිය හැත්තෑ හතරක් වන අතර මෙම වැටුප් වැඩිවීමත් සමග එය රුපියල් පන්ලක්ෂ විසිහයදහස් හයසිය හතළිස් අට දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එලෙස ඉහළ ගිය ප්‍රමාණය රුපියල් එක්ලක්ෂ අනූපන්දහස් හැත්තෑ හතරක්.

එම මාණ්ඩලික පන්තියේ තවත් ශ්‍රේණි හතරක් සඳහා ද වැටුප් ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව මාණ්ඩලික පන්තියේ සිව්වැනි ශ්‍රේණියේ නිලධාරියෙකුගේ මාසික දළ වැටුප රුපියල් හයලක්ෂ හයදහස් දෙසිය විසිහතේ සිට රුපියල් දසලක්ෂ හතළිස් නවදහස් හාරසිය තිහක් වැනි ඉහළ අගයක් දක්වා වැඩි වී තිබෙන අතර එය රුපියල් හාරලක්ෂ හතලිස් තුන්දහස් දෙසිය තුනක වැඩි වීමක්.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මාණ්ඩලික පන්තියේ විශේෂ ශ්‍රේණිය යටතේ සහාකාර අධිපතිවරයෙකුගේ වැටුප වැඩි වී තිබෙනවා.

ඒ අනුව රුපියල් හත්ලක්ෂ දහසය දහස් හත්සිය හැත්තෑ තුනක් වු සහාකාර අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් දොළොස් ලක්ෂ හැටහත් දහස් එකසිය හැත්තෑවක් දක්වා ඉහළ නංවා තිබෙන අතර එය රුපියල් පන්ලක්ෂ පනස් දහස් තුන්සිය අනු හතක වැඩිවීමක්.

මාණ්ඩලික පන්තිය යටතේ මහබැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික දළ වැටුප රුපියල් නව ලක්ෂ හැත්තෑ හයදහස් හයසිය හැට දෙකක් වූ අතර නව වැටුප් වැඩිවීමත් සමග එම මාසික දළ වැටුප රුපියල් දාහත් ලක්ෂ විසිඅටදහස් හාරසිය දහනවයක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

එම වැටුප් වැඩි වීම රුපියල් හත්ලක්ෂ පනස් එක්දහස් හත්සිය පනස් හතක්.

එමෙන්ම සහාකාර අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික මූලික වැටුප රුපියල් හාරලක්ෂ තිස්හතර දහස් හැත්තෑ පහක් වූ අතර එය රුපියල් අටලක්ෂ දොළොස් දහස් අනුපහක් දක්වා රුපියල් තුන්ලක්ෂ හැත්තෑ අටදහස් විස්සකින් වැඩිකර තිබෙනවා.

එමෙන්ම නියෝජ්‍ය අධිපතිවරයෙකුගේ පෙර පැවති මාසික මූලික වැටුප රුපියල් පන්ලක්ෂ අසූ හතර දහස් හත්සිය හැත්තෑ පහක්.

එම මූලික වැටුප රුපියල් එකොළොස් ලක්ෂ පන්දහස් හතළිස් පහ දක්වා ඉහළ නංවා ඇත්තේ රුපියල් පන්ලක්ෂ විසිදහස් දෙසිය හැත්තෑවක් වැනි ඉහළ අගයකිනි.

Comments
spot_imgspot_img

Popular

More like this
Related

පොර්ට් සිටියේ වේගවත් සංවර්ධනය සඳහා නව සමාගම් 65ට අවසර

ශ්‍රී ලංකා රජය මඟින් පෝර්ට් සිටි නගර ව්‍යාපෘතියේ සංවර්ධ...

ප්‍රමිතිය අඩු ඖෂධ ගැන ඇග කිලිපොලායන හෙළිදරව්වක් මෙන්න

වැටත් නියරත් ගොයන් කා නම් කාට කියන්නද ඒ...

ගම්මන්පිල පාස්කු මහමොළකරු හෙළිකරයි.?

පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුවන් අද (31) දින රටට හෙළිකරන...