spot_img
spot_img

තැපැල් ඡන්ද ප‍්‍රතිඵල අසත්‍යයි

තැපැල් ඡන්ද වැඩි වශයෙන් සිය ජනාධිපතිධූර අපේක්ෂකයන් වෙනුවෙන් ප්‍රකාශයට පත්කර ඇතිබවට පළවන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ජාතික මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ විධායක අධ්‍යක්ෂ නීතීඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා පවසනවා.

එවැනි අසත්‍ය ප්‍රකාශ හමුවේ ඡන්ද දායකයින්ගේ නිවැරදි මතයට බලපෑම් එල්ලවිය හැකි බවයි ඔහු පවසන්නේ.

තැපැල් ඡන්ද ගණන් කිරීම සිදුවනුයේ 21 වැනිදා පස්වරු 04.00 පසුවයි.

එලෙස ගණන් කිරීමකින් තොරව කිසිසේත් එවැනි ප්‍රතිශත සඳහන් කල නොහැකියි.

එවැනි උපකල්පන වලට පැමිණීමට කිසිදු දේශපාලන පක්ශයකට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ඒ මහතා පවසනවා.

1988 අංක 15 දරණ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත අනුව එවැනි සාවද්‍ය මත ප්‍රකාශ කිරීම නිදහස් සහ සාධාරණ මැතිවරණයක් සඳහා බාධාවක් බව නීතීඥ රසාංග හරිස්චන්ද්‍ර මහතා වැඩිදුරටත් පැවසුවා.

spot_imgspot_img

Popular

More like this
Related

බාලවයස්කාර දැරියක අපයෝජන සිද්ධිය: මන්ත්‍රිනී සංසදයේදී ළමාරක්ෂක අධිකාරියට දොස් නැගුවා ද?

පල්ලේගම හේමරතන හිමියන් විසින් බාලවයස්කාර දැරියක බරපතළ අපයෝජනයකට ලක්...

සති 4කදී ඩොලර් මිලියන 65ක් රටින් එළියට – රජයේ සුරැකුම්පත් විකුණලා – විදේශීය ආයෝජකයින් ගැලවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රධාන මුදල් ප්‍රතිපත්ති අනුපාතිකය...

අධිකරණ පද්ධතියම කැළඹූ හදිසි නියෝගය – මහාධිකරණ විනිසුරුවරයෙකුට දුන් සිතාසිය අත්හිටුවයි

කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවක සාක්ෂි ලබා දීම...

IMF එක ඩොලර් මිලියන 695ක මුදල මෙරටට ලබාදීමට කටයුතු කරයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් ශ්‍රී ලංකාවට අනුමත කළ...